Thursday, June 21, 2012

සිතුවිලි . .

මේ මගේ පළමු ලිපිය . .හුගක් වෙලා කල්පනා කළා.මොනවද ලියන්නේ කියල. .එක එක දේවල් ලියන්න හිතෙනවා. .අනේ මන්දා. ඔයාලටත් වෙලාවකට විවිධ දේවල් කරන්න හිතෙනවද ? මේ මට වගේ. . එත් ඒ එක දෙයක් වත් කරන්න නොහිතෙන වෙලාවලුත් තියෙනවා නේද. . ඇයි එහෙම වෙන්නේ ?

  අපේ හිතට හොද , පුදුමාකාර අදහස් දැනෙනවා වෙලාවකට . . එක ඇත්ත.එත් ඒ අදහස් ක්‍රියාත්මක නොකර හිටියොත් ඒ දේවල් වල වටිනාකමක් නෑ නේද ? ඒ දේවල් කව්රුත් ගණන් ගන්නෙත් නෑ නේද ? හොද දේවල් කරන්න අදහස් විතරක් තිබිල මදි..ඒ දේවල් තව අය‍ට කිව්වා කියලත් පලක් නෑ. . අපි අපේ අදහස් ක්‍රියාත්මක කරන ආකාරය අනුව අනිත් අය අපි ගැන තීරණ ගන්නවා . . ඒ අපි කරන දේ අපේම සිතුවිලි වල ප්‍රථිපලය නිසා. . ඒ නිසා මොනවහරි දෙයක් කරනකොට හුගක් හිතන්න පුලුවන්නම් ඒ දේ සාර්ථකව කරන්න පුළුවන් වේවි. .අපි ගැන අනිත් අය‍ට හොද තීරණයක් ගන්න ඉඩ සලස්වන්න අපිට පුළුවන්. . කෙනෙක් ගේ හිතේ තවත් කෙනෙක් ගැන මුලින්ම ඇතිවන සිතිවිල්ල හුගක් බලවත් ලු. . ඒ සිතුවිල්ල යහපත් නම් හැමදාම අපි අනිත් අයගේ මතකයේ ඉදිවී. . එහෙම නේද.. ?

4 comments:

  1. matanam koi weleth hithenne jaala gatha wenta ;)

    ReplyDelete
  2. ඇත්ත කතාව නංගි! අපි දෙයක් කරනවනං ඒක කරන්න ඕනි! හිතලා විතරක් මදි!! අනික් අයට කියලත් තේරුමක් නෑ! මං කවදාවත් දෙයක් කරන්න හිතුවට කාටවත් කියන්නේ නෑ! සමහර වෙලාවට වැඩේ අසාර්ථක උනොත් එහෙම නොකියා හිටපු එකෙන් මාර වාසි ගොඩයි! හිකි හිකි!!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත . . මොකද හුගක් අය බලන් ඉන්නේ කෙනෙක්ගේ සාර්ථකත්වය දකින්න නෙවෙයි , අසාර්ථකත්වය දකින්නනේ අයියේ . . . :-)

      Delete