Monday, December 31, 2012

මං ජීවත් වෙන අන්තිම දවස . . .

අද අන්තිම දවස . . ඒ මං ජීවත් වෙන අන්තිම දවස . . නෑ නෑ මං කියන්න හැදුවෙ 2012 මං ජිවත් වෙන අන්තිම දවස කියල . . හෙට 2013 . . අද 2012 . .

 අලුත් අවුරුද්දක් . . හුගක් දේවල් කරන්න කාගේ කාගේත් හිතේ ඇති. . දැනටමත් සැලසුම් කරලත් ඇති . . ගෙවුණ අවුරුද්දේ කරගන්න බැරි වුන දේවල් මතක් කරලා තව අය දුක් වෙනවා ඇති . . මේ අවුරුද්දේ සිද්ද වුන දේවල් , කරපු කියපු දේවල් ගැන හිතල දුක් වෙනවා ඇති . . සතුටු වෙනවා ඇති . .

මේ ඔක්කොමත් එක්ක හෙට අලුත් බලාපොරොත්තුවක් ඇති වේවි . . යහපත් සිතුවිල්ලක් . . අරමුණක් . . ඉලක්කයක් . . එකක් නෙවෙයි . . සමහර විට . . . හුගක් . .

මොනවා වුණත් ඒ සිතුවිල්ල හිතට එකගව හිතන්න . . කාගෙවත් කීමකට බලෙන් යමක් කරන්න උත්සාහ කරන්න එපා . . තමන්ට අවංක වෙන්න . . තමන්ට ආදරය කරන්න . . බය වෙන්න එපා . සැලෙන්න එපා. කිසිම දේකට . . කවුරු නැතත් ඔයාට ඔයා ඉන්නවනේ . . තමන්ගේ බලාපොරොත්තුව ඉටු වෙනකං අත් අරින්න එපා . . අනිවාර්යෙන්ම , කරන්න පුලුවන් . . ඒ සිතුවිල්ලයි බලවත් . .  ඒ සිතුවිල්ල හුගාක් බලවත්.

දුකයි නම් අඩන්න . . කෑ ගහලා බැරිනම් රහසින් . . හිනාවෙන්න කැමති විදිහකට . . ඒත් අඩන්න හිතුනොත් අනිවා අඩන්න . .

 මගේ බලාපොරොත්තුව මං ඉටු කරගන්නවාමයි . . 2013 අවසානයේ මං කියන්නම් . . මේ වගේම පෝස්ට් එකකින් . .

මෙහෙම කියන්න හිතුණා . . අනේ මංදා . . ලබන්නාවූ නව වසරේ සංයුතියේ දුක අඩු හා සතුට වැඩි වශයෙන් අන්තර්ගත වේවා ! යි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා . .


Tuesday, December 25, 2012

ගී ලොවෙන් . . .

කම්මැලිකමට මං නම් සිංදු අහන්න ආසයි . . අලුත් පරණ කියලා ඒ හැටි වෙනසක් නොකර. . මොනවා වුණත් අහන්න කැමති අහන් ඉන්න පුළුවන් සිංදු විතරයි.මොකද මාත් මනුස්සයෙක්නේ . මගේ කර්ණපටහ පටලයට විහින් හානි පමුණුවන්ට මං නම් ආස නෑ පොඩ්ඩක්වත්. .

" තාලයකට ගායනා කරන පද වැලක් සිංදුවක් හෙවත් ගීතයක් නම්වේ " මෙහෙම කියල තියෙන්නේ " විකිපීඩියා - නිදහස් විශ්වකෝෂයේ " . . හ්ම්ම්ම්. . තාලයට ගායනා කරන නේද? එහෙනම් හිතන්න වෙනවා අපි අහන ඔක්කොම, සිංදු වෙන්ට බෑ . .

 මං කියන්න හදන්නේ මං අහන්න ආස සිංදු ගැන . සමහර විට ඔයාලා මේවට කැමති හෝ අකමැති වෙන්ට පුළුවන් . . මං වැඩියෙන්ම අහන්නේ සිංහල සිංදු . . ඒ නිසා වැඩිපුර ලියන්නේ ඒ ගැන . කමක් නෑ නේද ?


මං ආසම ගායක - ගායිකාවන්ගේ ලැයිස්තුව තමා මේ . .
ගායක  - 1.  කසුන් කල්හාර   2. අමල් පෙරේරා    3. රොමේෂ් සුගතපාල
ගායිකා  - 1. ශෂිකා නිසංසලා    2. නිරෝෂා විරාජිනී    3. උරේෂා රවිහාරි

ආසම සිංදුනම් ගොඩක් තියෙනවා ඉතිං . . එක පාරට හිතා ගන්නත් අමාරුයි . .  :)

' දුර යන්න හිතුවාට '  ඒ එකක් . . ගයන්නේ ශෂිකා නිසංසලා . අහල ඇති හැමෝම . . ඒ ගැන මොකුත් කියන්න හිතෙන්නේ නෑ .  සිංදුව අහල බලන්න ආයෙත් . . ආයේ කැමතියි ' මුතු පිණි සැලෙනා ' ජූඩ් රෝගන්ස්  ගේ . . පොස්ට් එක කියවන ගමන් සිංදුව අහල බලනවානම් හොදයි . . ( සිංදුවේ නම click කරන්න ) එතකොට හිතල බලන්න පුළුවන් ඇත්තටම මං හරිද කියලා . එක එක්කෙනාගේ රස වෙනස් . ඒ නිසා ඕනිම අදහසක් ඉදිරිපත් වෙන්න පුළුවන් . . නිරෝෂා විරාජිනිගේ ' මාරුතේ ' සිංදුවත් හොදයි . ඒකටත් මං කැමතියි . ඒ වගේම ' සිනා තොටක් විය ' සිංදුව . . එතකොට ආත්මා ලියනගේ ගේ ' පෙනෙන නොපෙනෙන දුරක ඉදන් ' . . .  හ්ම්ම් . . තව තියෙනවා. . ළහිරු පෙරේරා ගේ  ' ලබැදියේ ' තවමත් ආස කරන සිංදුවක් . .

' කසුන් කල්හාර 'ගේ හැම සින්දුවකටම මං කැමැතියි . . කාගෙවත් වොයිස් එකකට සමාන කරන්න බැරි විරල කටහඩක් . . හ්ම්ම් . .

මේ ගැන නම් කියල ඉවර කරන්න බැරි තරම් . .

තව තියෙනවා . . ' එපා හිරු පායන්න ' වික්ටර් රත්නායකයන්ගේ . . අමරසිරි පීරිස්ගේ 'හන්තානට පායන සඳ ' තවත් සිංදුවක් . ' ඝණ අන්ධකාරයෙන් මිදී ' සහ ' මේ නිහඩ බව බිදින්න ' කියන්නෙත් විදින්න පුළුවන් ගීත . . සබැදි (links) හොයා ගන්න නම් ටිකක් අමාරු වුණා . . ' ආපසු යන්නට පාර කියනවද ' තවත් මං කැමති සිංදුවක් . .

ඉවරයක් නෑ වගේ . . එකක් ලියද්දි තව එකක් මතක් වෙනවා . . තව ටිකක් කියන්න තියෙනවා . ඒත් දැනට මේ සිංදු ටික අහලා , පෝස්ට් එක කියවලා , කරදරයක් නැත්නම් කමෙන්ට් එකකුත් දාන්න . . දැනට කිව්වේ සිංහල සිංදු ගැන විතරයි . . ඒ කිව්වේ . . , 2 පෝස්ට් එකකුත් ලියන්න වෙනවා . .  :)  නේද ?

මගේ අරමුණ ඉටු වෙන්නේ සන්තානය කියවන ඔයාටත් කම්මැලි හිතුනොත් මේ සින්දු ටික අහන්න ඉඩ සලස්වන එක . . ඉතිං ඒකටත් කම්මැලි වෙන්න එපා හොදේ . .  :)

සබැඳි ලබා ගත්තේ කවුරුත් දන්න  ' අනංමනං ' හා ' අනංගයාගෙන් ' . . . 

Tuesday, December 18, 2012

" 2012 - 12 - 21 " අම්මෝ ! තව දවස් දෙකයි . . .

ඉතිං . . කොහොමද ? හ්ම්ම් . . . මට හිතෙනවා ලෝක විනාසේ ගැන කියන්න . ඒ කිව්වේ 2012 - 12 - 21 ගැන . අම්මෝ ! තව දවස් දෙකයි මම ජීවත් වෙන්නෙ  :D  හ්ම්ම් . . හොදයි නේ. අනේ මංද මං නම් ඕවා ෂුවර් කරන්නේ නෑ . එදාට බලමුකෝ මොකෝ වෙන්නේ කියල .

මෙහෙමයි දෙයක් වෙන්න තියේනම් ඒක කාටවත් වලක්වන්න බෑ නේ . මං නම් මැරෙන්න බය නෑ . ඒත් විඳවලා මැරෙන්න නම් බයයි. කොහොමත් ඉපදුනොත් මැරෙනවා . ඒක ලෝක විනාසේ නොවුන කියල නොවී තියෙන්නේ නැහැ නේ.

මේ දවස් වල පත්තර එහෙම ජයටම විකිනෙනවා ඇති.මොකද වැඩි හරියක් තියෙන්නේ ලෝක විනාසේ ගැන . එකක කියනවා ලෝක විනාසේ වෙන්නේ නැහැ  කියල . හැබැයි හෙඩ්ලයින් එක බැලුවම සමහර අය දෙලෝ රත් වෙනවා . ඒකෙ තියෙන්නේ මේ දැන් ලෝක විනාසේ අත ලග වගේ. ඒක එයාලගේ විකුණුම් වැඩි කරගන්න කරන උපක්‍රමයක් වෙන්න පුළුවන් . මොකද එයාලා හැමදාම පත්තරේට ලියන අයනේ. හැබැයි මිනිස්සු නොමග යනවාදෝ කියලත් මටනං හිතුණා .

හරි කොහොමහරි එකක එහෙම කියද්දී තව එකක තියෙනවා නේකවිද එළි එක එක  ප්‍රදේශ වලට පෙනුනයි කියල . එදානම් මාත් ටිකක් වෙලා අහස දිහා බලන් හිටියා . ඒත් තැනින් තැන තිබුණ තරුවක් ඇරෙන්න වෙන මොකුත් පෙනුනේ නැහැ මෙහෙටනම්.

ආයේ තිබුණා ගහක් උඩට මොකක්ද වැටිලා ඒ ගහ ගිනි අරන් කියල . ෆොටෝ එහෙමත් දාල තිබ්බා

තව තිබුණ 18 - 20 කියන්නේ බොහොම කරදර කාලයක් පරිස්සං වෙන්ට කියල . අනේ ඉතින් ඒක දැකපු අපේ අම්ම මට ක්ලාස් යන්ටත් එපා කිව්වා . ඒ ගැනනම් මං හිතල බැලුවේ නෑ .

මේ දේවල් එකිනෙකට සම්බන්දයිද කියන්න මං දන්නේ නෑ . ඒත් මේ දවස් ටිකේ මේ වගේ කතා අහන්න පුළුවන් .

පිං කරපු අය විතරයි මේකෙන් ඉතුරු වෙන්නේ කියන කතාව ගැනත් මං දන්නේ නැහැ. එත් ඒක නම් හොද කතාවක්. මොකද හොද දෙයකට පෙළඹවීමක් නිසා.

හ්ම්ම් . . කතාව කොහොමද මංදා . . හිතුන දේ ඔහේ කියල දැම්මා . ටිකක් කේන්තියෙන් ඉන්න ගමන් ලිව්වේ . ඒත් කියන්නම ඕනි කියල හිතුණා . .

'' 21 '' මම සුදානම් . . .  :D  :D  challenge  you   :P  

ප . ලි .  ගිනි නිවන හමුදාව හරි ඇවිත් කේන්තිය නිමුවම රසට කතාවක් ලියන්න ට්‍රයි කරන්නං . . .