Friday, July 6, 2012

පාලුයි මගේ හිතට . . .


නවාතැන්පොල නුබයි
මාගේ සිහින සිතුවමේ . . .
එනමුදු ,
එය සිහිනයකි ! !
කිසිදා සැබෑ නොවන . .
ඇයි ?
අමතක ම‍ගේ හිතට . . .

     හිත හරිම මුරන්ඩුයි
     පිළිගන්න . . .  ,
     එය සිහිනයක් . . .
     නෑ . .
     සිහිනයක් . . .

සිහිවෙනවා . . . ,
නෙතු පිය සැලෙන
හැම මොහොතකම . . .
ඔයා දන්නවද ?
මං හිතන්නෑ . . .

     පාළුව මැකෙනවා . . .
     හිත හැදෙන ඔබේ ඔය ,
     මියුරු බස් තෙපලුමට . . .
     නෙත කදුළු තෙමනවා . . .
     පුංචිම වරදටත් ,
     ම‍ට දොස් නගන විට . . .

ඔයා දන්නවාද දන්නෑ ?
ඔයා නැතිව මේ ගෙවෙන
හැම මොහොතක්ම . . .
සැබවින්ම  ,
" පාලුයි මගේ හිතට . . . "

      ආයෙමත් . . .
      අමතක වෙලා වගෙයි 
      මගේ හිතට . . .
      ඔබ ,
      සිහිනයක්ම වග . . .


5 comments:

  1. කොච්චර පාලුව දැනුනත් ඒ පාලුවට කැමති අයත් කොච්චර ඉන්නවද නංගා! ලස්සනයි නිසදැස!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් . . . පාළුවෙන් ඉන්නවට වඩා නිදහසේ ඉන්න තියෙනවනම් හොදයි නේද . . . වෙලාවකට පාළුව හිතට වදයක් . . . :)

      Delete
    2. ඇත්ත! නිදහස තමයි කොඩක්ම වටින්නෙ! හම්!

      Delete
  2. මටත් පාළුවක් දැනෙනවා වගේ ..

    ReplyDelete
    Replies
    1. මටත් පාලුයි රොබින් අයියා . . . . :(

      Delete