Monday, December 31, 2012

මං ජීවත් වෙන අන්තිම දවස . . .

අද අන්තිම දවස . . ඒ මං ජීවත් වෙන අන්තිම දවස . . නෑ නෑ මං කියන්න හැදුවෙ 2012 මං ජිවත් වෙන අන්තිම දවස කියල . . හෙට 2013 . . අද 2012 . .

 අලුත් අවුරුද්දක් . . හුගක් දේවල් කරන්න කාගේ කාගේත් හිතේ ඇති. . දැනටමත් සැලසුම් කරලත් ඇති . . ගෙවුණ අවුරුද්දේ කරගන්න බැරි වුන දේවල් මතක් කරලා තව අය දුක් වෙනවා ඇති . . මේ අවුරුද්දේ සිද්ද වුන දේවල් , කරපු කියපු දේවල් ගැන හිතල දුක් වෙනවා ඇති . . සතුටු වෙනවා ඇති . .

මේ ඔක්කොමත් එක්ක හෙට අලුත් බලාපොරොත්තුවක් ඇති වේවි . . යහපත් සිතුවිල්ලක් . . අරමුණක් . . ඉලක්කයක් . . එකක් නෙවෙයි . . සමහර විට . . . හුගක් . .

මොනවා වුණත් ඒ සිතුවිල්ල හිතට එකගව හිතන්න . . කාගෙවත් කීමකට බලෙන් යමක් කරන්න උත්සාහ කරන්න එපා . . තමන්ට අවංක වෙන්න . . තමන්ට ආදරය කරන්න . . බය වෙන්න එපා . සැලෙන්න එපා. කිසිම දේකට . . කවුරු නැතත් ඔයාට ඔයා ඉන්නවනේ . . තමන්ගේ බලාපොරොත්තුව ඉටු වෙනකං අත් අරින්න එපා . . අනිවාර්යෙන්ම , කරන්න පුලුවන් . . ඒ සිතුවිල්ලයි බලවත් . .  ඒ සිතුවිල්ල හුගාක් බලවත්.

දුකයි නම් අඩන්න . . කෑ ගහලා බැරිනම් රහසින් . . හිනාවෙන්න කැමති විදිහකට . . ඒත් අඩන්න හිතුනොත් අනිවා අඩන්න . .

 මගේ බලාපොරොත්තුව මං ඉටු කරගන්නවාමයි . . 2013 අවසානයේ මං කියන්නම් . . මේ වගේම පෝස්ට් එකකින් . .

මෙහෙම කියන්න හිතුණා . . අනේ මංදා . . ලබන්නාවූ නව වසරේ සංයුතියේ දුක අඩු හා සතුට වැඩි වශයෙන් අන්තර්ගත වේවා ! යි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා . .


Tuesday, December 25, 2012

ගී ලොවෙන් . . .

කම්මැලිකමට මං නම් සිංදු අහන්න ආසයි . . අලුත් පරණ කියලා ඒ හැටි වෙනසක් නොකර. . මොනවා වුණත් අහන්න කැමති අහන් ඉන්න පුළුවන් සිංදු විතරයි.මොකද මාත් මනුස්සයෙක්නේ . මගේ කර්ණපටහ පටලයට විහින් හානි පමුණුවන්ට මං නම් ආස නෑ පොඩ්ඩක්වත්. .

" තාලයකට ගායනා කරන පද වැලක් සිංදුවක් හෙවත් ගීතයක් නම්වේ " මෙහෙම කියල තියෙන්නේ " විකිපීඩියා - නිදහස් විශ්වකෝෂයේ " . . හ්ම්ම්ම්. . තාලයට ගායනා කරන නේද? එහෙනම් හිතන්න වෙනවා අපි අහන ඔක්කොම, සිංදු වෙන්ට බෑ . .

 මං කියන්න හදන්නේ මං අහන්න ආස සිංදු ගැන . සමහර විට ඔයාලා මේවට කැමති හෝ අකමැති වෙන්ට පුළුවන් . . මං වැඩියෙන්ම අහන්නේ සිංහල සිංදු . . ඒ නිසා වැඩිපුර ලියන්නේ ඒ ගැන . කමක් නෑ නේද ?


මං ආසම ගායක - ගායිකාවන්ගේ ලැයිස්තුව තමා මේ . .
ගායක  - 1.  කසුන් කල්හාර   2. අමල් පෙරේරා    3. රොමේෂ් සුගතපාල
ගායිකා  - 1. ශෂිකා නිසංසලා    2. නිරෝෂා විරාජිනී    3. උරේෂා රවිහාරි

ආසම සිංදුනම් ගොඩක් තියෙනවා ඉතිං . . එක පාරට හිතා ගන්නත් අමාරුයි . .  :)

' දුර යන්න හිතුවාට '  ඒ එකක් . . ගයන්නේ ශෂිකා නිසංසලා . අහල ඇති හැමෝම . . ඒ ගැන මොකුත් කියන්න හිතෙන්නේ නෑ .  සිංදුව අහල බලන්න ආයෙත් . . ආයේ කැමතියි ' මුතු පිණි සැලෙනා ' ජූඩ් රෝගන්ස්  ගේ . . පොස්ට් එක කියවන ගමන් සිංදුව අහල බලනවානම් හොදයි . . ( සිංදුවේ නම click කරන්න ) එතකොට හිතල බලන්න පුළුවන් ඇත්තටම මං හරිද කියලා . එක එක්කෙනාගේ රස වෙනස් . ඒ නිසා ඕනිම අදහසක් ඉදිරිපත් වෙන්න පුළුවන් . . නිරෝෂා විරාජිනිගේ ' මාරුතේ ' සිංදුවත් හොදයි . ඒකටත් මං කැමතියි . ඒ වගේම ' සිනා තොටක් විය ' සිංදුව . . එතකොට ආත්මා ලියනගේ ගේ ' පෙනෙන නොපෙනෙන දුරක ඉදන් ' . . .  හ්ම්ම් . . තව තියෙනවා. . ළහිරු පෙරේරා ගේ  ' ලබැදියේ ' තවමත් ආස කරන සිංදුවක් . .

' කසුන් කල්හාර 'ගේ හැම සින්දුවකටම මං කැමැතියි . . කාගෙවත් වොයිස් එකකට සමාන කරන්න බැරි විරල කටහඩක් . . හ්ම්ම් . .

මේ ගැන නම් කියල ඉවර කරන්න බැරි තරම් . .

තව තියෙනවා . . ' එපා හිරු පායන්න ' වික්ටර් රත්නායකයන්ගේ . . අමරසිරි පීරිස්ගේ 'හන්තානට පායන සඳ ' තවත් සිංදුවක් . ' ඝණ අන්ධකාරයෙන් මිදී ' සහ ' මේ නිහඩ බව බිදින්න ' කියන්නෙත් විදින්න පුළුවන් ගීත . . සබැදි (links) හොයා ගන්න නම් ටිකක් අමාරු වුණා . . ' ආපසු යන්නට පාර කියනවද ' තවත් මං කැමති සිංදුවක් . .

ඉවරයක් නෑ වගේ . . එකක් ලියද්දි තව එකක් මතක් වෙනවා . . තව ටිකක් කියන්න තියෙනවා . ඒත් දැනට මේ සිංදු ටික අහලා , පෝස්ට් එක කියවලා , කරදරයක් නැත්නම් කමෙන්ට් එකකුත් දාන්න . . දැනට කිව්වේ සිංහල සිංදු ගැන විතරයි . . ඒ කිව්වේ . . , 2 පෝස්ට් එකකුත් ලියන්න වෙනවා . .  :)  නේද ?

මගේ අරමුණ ඉටු වෙන්නේ සන්තානය කියවන ඔයාටත් කම්මැලි හිතුනොත් මේ සින්දු ටික අහන්න ඉඩ සලස්වන එක . . ඉතිං ඒකටත් කම්මැලි වෙන්න එපා හොදේ . .  :)

සබැඳි ලබා ගත්තේ කවුරුත් දන්න  ' අනංමනං ' හා ' අනංගයාගෙන් ' . . . 

Tuesday, December 18, 2012

" 2012 - 12 - 21 " අම්මෝ ! තව දවස් දෙකයි . . .

ඉතිං . . කොහොමද ? හ්ම්ම් . . . මට හිතෙනවා ලෝක විනාසේ ගැන කියන්න . ඒ කිව්වේ 2012 - 12 - 21 ගැන . අම්මෝ ! තව දවස් දෙකයි මම ජීවත් වෙන්නෙ  :D  හ්ම්ම් . . හොදයි නේ. අනේ මංද මං නම් ඕවා ෂුවර් කරන්නේ නෑ . එදාට බලමුකෝ මොකෝ වෙන්නේ කියල .

මෙහෙමයි දෙයක් වෙන්න තියේනම් ඒක කාටවත් වලක්වන්න බෑ නේ . මං නම් මැරෙන්න බය නෑ . ඒත් විඳවලා මැරෙන්න නම් බයයි. කොහොමත් ඉපදුනොත් මැරෙනවා . ඒක ලෝක විනාසේ නොවුන කියල නොවී තියෙන්නේ නැහැ නේ.

මේ දවස් වල පත්තර එහෙම ජයටම විකිනෙනවා ඇති.මොකද වැඩි හරියක් තියෙන්නේ ලෝක විනාසේ ගැන . එකක කියනවා ලෝක විනාසේ වෙන්නේ නැහැ  කියල . හැබැයි හෙඩ්ලයින් එක බැලුවම සමහර අය දෙලෝ රත් වෙනවා . ඒකෙ තියෙන්නේ මේ දැන් ලෝක විනාසේ අත ලග වගේ. ඒක එයාලගේ විකුණුම් වැඩි කරගන්න කරන උපක්‍රමයක් වෙන්න පුළුවන් . මොකද එයාලා හැමදාම පත්තරේට ලියන අයනේ. හැබැයි මිනිස්සු නොමග යනවාදෝ කියලත් මටනං හිතුණා .

හරි කොහොමහරි එකක එහෙම කියද්දී තව එකක තියෙනවා නේකවිද එළි එක එක  ප්‍රදේශ වලට පෙනුනයි කියල . එදානම් මාත් ටිකක් වෙලා අහස දිහා බලන් හිටියා . ඒත් තැනින් තැන තිබුණ තරුවක් ඇරෙන්න වෙන මොකුත් පෙනුනේ නැහැ මෙහෙටනම්.

ආයේ තිබුණා ගහක් උඩට මොකක්ද වැටිලා ඒ ගහ ගිනි අරන් කියල . ෆොටෝ එහෙමත් දාල තිබ්බා

තව තිබුණ 18 - 20 කියන්නේ බොහොම කරදර කාලයක් පරිස්සං වෙන්ට කියල . අනේ ඉතින් ඒක දැකපු අපේ අම්ම මට ක්ලාස් යන්ටත් එපා කිව්වා . ඒ ගැනනම් මං හිතල බැලුවේ නෑ .

මේ දේවල් එකිනෙකට සම්බන්දයිද කියන්න මං දන්නේ නෑ . ඒත් මේ දවස් ටිකේ මේ වගේ කතා අහන්න පුළුවන් .

පිං කරපු අය විතරයි මේකෙන් ඉතුරු වෙන්නේ කියන කතාව ගැනත් මං දන්නේ නැහැ. එත් ඒක නම් හොද කතාවක්. මොකද හොද දෙයකට පෙළඹවීමක් නිසා.

හ්ම්ම් . . කතාව කොහොමද මංදා . . හිතුන දේ ඔහේ කියල දැම්මා . ටිකක් කේන්තියෙන් ඉන්න ගමන් ලිව්වේ . ඒත් කියන්නම ඕනි කියල හිතුණා . .

'' 21 '' මම සුදානම් . . .  :D  :D  challenge  you   :P  

ප . ලි .  ගිනි නිවන හමුදාව හරි ඇවිත් කේන්තිය නිමුවම රසට කතාවක් ලියන්න ට්‍රයි කරන්නං . . .

Tuesday, November 13, 2012

බස් කතාව ගැන හිතුන කතා . . . (බස් එකේදී - 2)

කලින් කතාව දිග වැඩි වෙයි කියල සිද්ධ වුන දේ විතරක් කිව්වට හිතට මදි කමක් වගේ දැනෙනවා . . මොකද හැම සතියෙම මේවා දකිද්දී ආයෙත් එක එක ඒවා හිතෙනවා . . ඒ නිසා හිතුන හැමදේමත් ලියන්ට හිතුවා . . .

ඉස්සෙල්ල කිව්ව කතාව ගැන කියන නිසා ඒක නොකියවා මේ කතාව කියෝන අයට ග්‍රීක් වගේ වුනොත් එහෙම ඔන්න මං නම් දන්නේ නැතෝ . .

   මුලින්ම කියන්න තියෙන්නේ චුයින්ගම්,පෙපරමින්ට් , කූල් වතුර විකුණන කෙනා ගැන . . මාධව අයිය කිව්වා වගේ ඒක සේවයක් තමා . . ඒ උනාට සමහර අය ඉන්නවා කෞතුකාගාරේ  ප්‍රදර්ශනය කරන්න වටින වතුර බෝතල් එහෙම විකුණන අය . . ඒ අයගෙන් පරිස්සම් වෙන්ට . .මොනවා වුනත් ගන්න දේ  එක්ස්පයරි ඩේට් එක එහෙම බලල ගන්නවානම් හොදා . . අන්තිමට මොනා හරි වුණාම කාටවත් බනින්නැතුව . .

   ඊළගට මං කියන්න හදන්නේ අතින් පාඩු විදගෙන පොත් විකුණපු කෙනා ගැන . . අනේ මංදා තමා ඉතිං . . හිතා ගන්න බෑ මටනං රුපියල් 100 ක වෙනසක් නේ එතන . . පොතේ ප්‍රින්ට් කරලත් තියෙන්නේ 250 යි කියල . . 150ට කොහොම දෙන්න හිත හදාගත්තද මංදා . . මේ ගැන හිතෙන දේවල් මටම ගලපගන්න බෑ . .

   අර කිව්ව බවලතී  ඒ ළමයත් වඩාගෙන මට මතක ඇති කාලේ ඉදං එනවා . . බාහිරින් නම් ඒ ළමයාගේ ඔලුවේ මොකක්හරි තියෙනවා කියල පෙන්නේ නෑ . . අනික පිළිගන්න අමාරුයි . . දොස්තරගේ සීල් එක විතරයි කොලේ තියෙන්නේ . හොදා හොදා බාහිරින් මිනිස්සු මනින්ට බෑ තමා . ඒත් මේ මට හිතුන දේ නේ . . ඇත්තටම මෙහෙම ගියොත් නම් ඒ දරුවා හැරමිටියෙන් යනකම්ම ඒ අසනීපෙ ඒ විදිහටම තියෙයි . . ඒ බවලතී  බොරුවක් කරලා ළමය ඉස්සරහට දාල සල්ලි හොයන් කනවනම් ඒ සෙතෙත් මේ ආත්මේ හරි ලබන ආත්මෙදි හරි පලදෙයි . .

   ඊලගට අර කවි කියන පුද්ගලයා  . . තමන්ගේ හැකියාවෙන් අනිත් අය සන්තෝස කරලා කියක් හරි හොයා ගත්තට කමක් නෑ . . ඒ හොයන කියෙන්හරි සුව වෙන්නැති " සිංදුව හරියට කියන්න බැරි වීමේ අසනීපෙට " බෙහෙත් ගත්තනම් හුගක් හොදයි කියල හිතුනා . .

  ඕවා තමා ඉන්න ගමන් මට හිතුනේ . .  කෙනෙක්ට හිතෙයි ඕවා කියෝ කියෝ ඉදල වැඩක් නෑ නංගි කියලා . . අනේ මංදා . . ඒත් ඉතිං හිතට එන දේ කොහොමහරි කියන්නත් එපැයි . . මං මෙහෙම පෝස්ට් එකක් දැම්ම කියල කතාවේ ඉන්න කට්ටිය මේ ආත්මෙට මේක කියවන්නේ නෑ තමා . . ඒත් ඉතිං මං මොනවා කරන්නද මේවට . . හිතට අපු අදහසක් විතරයි කියන්න උත්සහ කලේ . . කිව්ව සමහර දේවල් ගැන " හිගන්නාගේ පාත්තරේට හෙනහුරා පාත් වෙලා "  වගේ දෙයක් නොසිතන්න කියල කරුණාවෙන් ඉල්ලා සිටිනවා . .

  මේ කියන්නේ කතාවේ මුල් ටිකට අදාළ දෙයක් නෙවෙයි . . ඒත් බස් ගැන තමා . . බස් එකේ යන මගීන් හැටියට හැමෝම අනිත් අයට කරදරයක් නොවෙන විදිහට යන්න උත්සහ කලොත් හොදයි කියල හිතෙනවා . . තමන්ගේ අතේ තියෙන බෑග් එක කාටහරි දෙනකොට හිතන්න ටිකක් . . මේ මනුස්සයට අරන් යන්න පුලුවන්ද කියලා . . මොකද මැරිලා මැරිලා බස් එකට ඇවිත් සීට් එකක වාඩි වුනාම , කවුරුහරි  පත බෑග් එකක් දුන්නම තරු පේනවා . . ඒකට තමයි බස් එකක උඩ රැක් එකක් තියෙන්නේ. . අරන් යන්න ලේසි පොඩි බෑග් එකක්නම් කමක් නෑ . . සමහර අය ඉන්නවා ඒ වගේ ගමන් මලු 60ක් විතර එක පාර කා අතට හරි දෙනවා . . එකත් හරි වදයක් ඇත්තටම . . ඔක්කොම පුළුවන් විදිහට එකට හදාගත්තනම් කාට කාටත් ලේසියි පහසුයි . . මේ කිව්වේ ගිය සතියේ ක්ලාස් ඇරිලා මගේ ක්ලාස් බෑග් එකත් එක්ක මුළු බෑග් 6 ක් අරන් එන්ට වීමෙන් පත්වුණ කළකිරීමට . . .

  ප .ලි .  බස් කතා මෙතනින් නිමයි කියා හිතනවා . බලමු . . !



Saturday, November 10, 2012

බස් එකේදී . . .

මං මේ කියන්න යන්නෙ බස් ගැනනම් නෙවෙයි ඔං . මං ඔය වාහන ගැන මොකුත් දන්නේ නෑ . මේ කියන්න යන්නේ බස් එකට නගින කට්ටිය ගැන . ඒත් හරියට කියවුනේ නෑ වගේ . මං  කිව්වම හිතාගන්නකෝ කා ගැනද කියලා  . .

   බස් එක ස්ටෑන්ඩ් එකේ නවත්තලා තිබුණේ . . දැන් ඉතිං එක්කෙනා දෙන්නා නගිනවා . . ඒ ස්ටෑන්ඩ් එකට බස් එක එන්නත් කලින් මගදීම මං බස් එකේ. . ඉතිං කාටත් ඉස්සෙල්ල බස් එකට එන මට කරන්න දේකුත් නෑ නේ . . මේකයි කතාව . . ලොකු , ලංකාවේ ප්‍රසිද්ද ටවුමක් . . . සෙනගත් හෝ ...  ගාලා . . .

   ඒ අතරේ බස් එකට මුලින්ම ආවා කෙනෙක් . . . කූඩයක් අතේ තිබ්බා . . . ඇවිත් කියනවා . ,"  චුයින්ගම් එකක් , පෙපරමින්ට් එකක් එහෙම , කූල් වතුර එකක් . . "  බස් එකේ ඉස්සරහ දොරින් නැග්ග කෙනා මෙහෙම කියල පිටිපස්ස දොරෙන් බැහැල ගියා . . .

   තව කෙනෙක් ආවා . . ඒ අතේ පොත් වගයක් . . ඇහුන විදිහට රූප පාට කරන පොත් , සිතියම් පොත් , සිංහල දෙමළ  ඉංග්‍රීසි හෝඩිය තියෙන පොත් . . ඒ ගැන ලොකු විස්තරයක් ඉස්සරහ ඉදන්ම කළා . . කඩෙන් ගත්තොත් පොත රුපියල් 250 යි ලු ඒත් ඔහු විකුනන්නේ රුපියල් 150 ට ලු . . ඒ කොහොමද කියලනම් මටම හිතා ගන්න බෑ . . හොදයි කමක් නෑ කියමුකෝ . .

   ඊළගට ආවේ කාන්තාවක් . . පොඩි පිරිමි ළමයෙකුත් වඩාගෙන . . ඇයත් බස් එකට නගින්න හේතුව පැහැදිලිව කෙටියෙන් විස්තර කළා . . අතේ ඉන්න දරුවාගේ ඔලුවේ ගෙඩියක් ලු . . ඔපරේෂන් කරන්න සල්ලි ඕනි ලු . . ඊලගට ඒ විස්තරේම තියෙන කොලේකුත් බෙදාගෙන ගියා . . දොස්තර කෙනෙක්ගේ සීල් එකක් තිබුණා . . එකෙන් තේරුණ විදිහට මේ බදුල්ලේ කාන්තාවක් . . එච්චර දුර ඉදන් ආවේ ඇයි කියලත් හිතුණා . . අනේ මංදා . . මේ කාන්තාව හැම සතියකම මේ බස් එකට එනවා මතකයි . .

   ඊළගට ආව පුද්ගලයා මෙහෙම කිව්වා " සල්ලි බලාගෙනම නෙවෙයි ආවේ . . ගමන් මහන්සියට පොඩි ගීතයක් කියලා ඒ මහන්සිය ටිකක් හරි නැති කරන්න හිතාගෙන" ලු . . හැකිනම් "  සුළු උපකාරයක් කරන්න " ලු  . . .  මේත් හැම සතියකම මුණ ගැහෙන කෙනෙක් . . ඉතිං අතේ තිබ්බ රබානටත් තාලෙට තට්ටු කරන ගමන් " මේ නොනිමෙන දිවි ගමනේ " සිංදුව කිව්වා . . ඊළගට  " අද ටිකක් අසනීපයි . . ඒ නිසා හොදට සිංදු කියන්න අමාරුයි " කියල කිව්වා . . මේ විදිහටම ඊට කලින් සතියෙත් කිව්වා කියල මටනම් හොදට මතකයි . . එත් හොද ආචාරශීලි කෙනෙක් කියලනම් මට කතා කරන විදිහෙන් තේරුනේ ඊට කලින් සතියෙමයි  . . .

   තමන්ගේ ජිවිතේ බස් එකට එන මිනිස්සු මත තීරණය වන ජන කණ්ඩායමක් මේ . . අනිත්  අය රවට්ටන්නේ නැතුව , ඇත්ත කියල , හොද දෙයක් කරලා  ඒ දේත් කරනවානම් හොදයි කියල මට හිතුණා . . සමහර විට ජිවිතේ ගැටගහගන්න පුංචි බොරුවක් කියනවත් ඇති සමහර අය . . . ඒ අයගේ හැසිරීම් සමහර වෙලාවට හිතේ තර්ක ගොඩ නගනවා ඇත්තමද මේ . . නැත්නම් බොරුද කියල . . බොරු කියල හිතුනොත්නම් ඇත්තටම මට ටිකක් කේන්තියි . . ඒක කොයිතරම් සාධාරණද , අසාධාරණද මං දන්නෑ . .

   

Friday, November 2, 2012

අපිට නිවාඩු . . .

මධ්‍යම කදුකරයටයි මුළු ලංකාවටමයි මේ දවස් වල හෝ. . . . ගාලා වහිනවා නේ . ඉතින් අපිටනම් ඉස්කෝලේ නිවාඩු දුන්නා . ගුරුවරු paper marking යන නිසා Art පන්ති දෙකට විතරක් දුන්න නිවාඩුව අපිටත් දවසකට හරි ලැබුන එකට සන්තෝසයි .

     මේ දවස් වල මං ව්‍යාපෘතියේ වැඩ .ඒ කිව්වේ මගේ කේවල ව්‍යාපෘතිය ගැන . කාල රාමුවේ හැටියට නම් ජනවාරි 3 වෙනි සතිය වෙනකම් වැඩ තියෙනවා . ඒත් ඊයේ ම වැඩ ඉවර කලා . දැන් හිතට නිදහස් .          

     වැස්ස ගැන මොකද හිතෙන්නේ ? මං ආසයි වහිනවට හැබැයි ඒ පායන කාලෙට විතරයි . ඒ කාලෙට හිතෙනවා වහිනවානම් හොදයි කියල . ඒත් මේ සැරේ නම් තාම හිතුනේ නෑ වහිනකොට පායනවානම් හොදයි කියල . හේතුව නම් දන්නේ නෑ .

     අරමුණක් නෑ ලියන එකේ . ඒත් දිගටම ලියන්න හිතෙනවා . හුගක් කම්මැලියි . කරන්න දේකුත් නෑ . අපේ අම්මට මං කම්මැලියි කිව්වොත් එයා කියන්නේ එහෙනම් පාඩම් කරන්න කියල . කම්මැලි වෙලාවට පාඩම් කරනවා කියන්නේ මටනම් එපාම කරපු දෙයක් . ඒ වගේ වෙලාවටනම් පාඩම් කරන්න මට හිතෙන්නේ නෑ . . .

    මං කම්මැලි වෙලාවට පොත් කියවනවා , සින්දු අහනවා , ෆේස් බුක් යනවා , ටි.වී බලනවා . ඒ ඇරුනම වෙන අදහසක් මට නෑනේ . ඔයාල මොකද කරන්නේ ?

    මං කියවපු ලස්සනම පොත " ගුරු ගීතය " . . .   එතකොට ආසම නිරෝෂා විරාජිනී මහත්මියගේ " සිනා තොටක් විය " සින්දුවට . . අලුතෙන් නම් ශෂිකා නිසංසලා මහත්මියගේ " හුස්මක් දුරින් " සින්දුවට . . ටි.වී එකේ මේ දවස් වල නම් ආසයි " සුජාත දියණි " බලන්න ජාතිකේ සතියේ දවස් 5 ම හවස 6.30 ට . මාර ලස්සනයි . ඔෂින් වගේම . . .

ප . ලි .  නිවාඩු දුන්නට අද වැස්ස නෑ  :D

 

Monday, October 8, 2012

ඉතින් කොහොමද . . . ?


ඉතින් කොහොමද . . . ? මං නම් හුගක් හොදින් ඉන්නවා . . හූග දවසකින් . වැඩත් වැඩියි . ඒකයි එන්න බැරි වුනේ . පුළුවන් වෙලාවකට ඇවිත් යන්න එන්නම්කෝ . . .
                මේ දවස් ටිකේම මැච් එක බැලුවා . ඊයේ මුල් ටික බලන කොට නම් දිනයි කියලමයි හිතුවේ . . ඒත් ඒක එහෙම වුනේ නෑ නේ . .කමක් නැහැ . අනු ශුරතාවය හරි තියෙනවනේ . . අනික ක්‍රිස් ගේල් සෙල්ලම් කරන විදිහට මං කැමතියි . එත් ඊයේ ඒකවත් හරියට කලේ නෑ . එහෙනම් හිත හදාගන්න ලේසියි මීට වඩා . . .  : D

                දේශගුණේ වෙනස් වෙලා හොදටම . ඉන්න බැරි තරම් රස්නයක් . වෙලාවකට හිතෙනවා ලෝක විනාශේ වෙයිද කියල . එහෙම වුනොත් නම් . . . . . අයියෝ ! ! ඉදලා වැඩක් නැහැ  : (

               ඇත්තටම මේ මගේ බ්ලොග් එක මේ විදිහට අබාවයට යන්න දෙන්න බෑ කියල මටම හිතෙනවා . ඒකයි හූග දවසකින් ඇවිත් මේ වගේ හරි පෝස්ට් එකක් දාන්න හිතුවේ . මොකද මං මේ බ්ලොග් එක පටන් ගත්තේ ලොකු කට්ටක් කාල . මෙලෝ දෙයක් දැනගෙනත් නෙවෙයි නේ .
           
               මොනවා කියන්නද කියල හිතා ගන්නත් බැහැ . මේ ඉක්මනට ඉක්මනට ලියන පෝස්ට් එකක් . කියවනකොට බෝරින්ග් වගේ නම් සොරි හොදේ . .  : )
              
               ආයෙත් ඉක්මනටම එන්නම් . එතකම් හැමෝටම බුදු සරණයි ! පරිස්සමෙන් . . .  : )  : )

Thursday, July 12, 2012

ට්වින්කල් ට්වින්කල් ලිට්ල් ස්ටාර් . . .

මේ නම් මම හීනෙකින්වත් පබ්ලිෂ් කරන්න හිටපු පොස්ට් එකක් නෙවෙයි . . එත් එක්තරා පුවත්පතක තිබුන විස්තරයක් නිසා මේ ගැන බ්ලොග් එකේ ලියන්න හිතුනා . ඒ පුවත්පතට , ඒ විස්තරය හොයාගත්තා කියල තිබුනෙත් බ්ලොග් එකකින්ම තමයි . එත් නම සදහන් වෙලා තිබ්බේ නෑ .

     මං මේ කියන්න හදන්නේ පොඩි කාලේ කොයි කාටත් පෙර පාසලේදී නැත්නම් 1 වසරේදී , 2 වසරේදී උගන්නන ඉංග්‍රීසි ගීතයක් ගැන . දැනට ගීතයක් කියල කියමුකෝ . එහෙම කිව්වේ හේතුවක් ඇතුව . .

   කී සැරයක්නම්  " "  ට්වින්කල් ට්වින්කල් ලිට්ල් ස්ටාර්  " "  කියල ඔයා කියල තියෙනවද ? පුලුවන්ද හරියටම කියන්න ඔයාට . . මං මෙහෙම ඉංග්‍රීසි සින්දුවක් ඇහුවෙත් අදයි කියල කියන්න පුලුවන්ද ඔයාට ? මං හිතන්නේ නෑ කවුරුත් මෙහෙම කියයි කියල . . මොකද අපි හැමෝම මේ සින්දුව අහල තියෙනවා , අනන්තවත් කියලත් තියෙනවා . . එත් මේ ගැන විස්තර අපි හුග දෙනෙක් දැනගෙන හිටියේ නෑ නේ . .
 Twinkle twinkle little star
  how I wonder what you are
  up above the world so high
  like a diamond in the sky

මේ තමයි අපි දන්නා කියන සින්දුව . . . ඔව් . . . ඇත්තටම මේ ඉංග්‍රීසි නැලවිලි ගීයක් . . එත් මේ නැලවිලි ගීතයේ අවසානය නෙවෙයි . . තව හුගක් දිගයි . . ඒ බව මම දන්නෙනම් අද . ඔයාල දන්නවද දන්නෑ  . .
මේ නැලවිලි ගීයට කොටස් 6 ක් තියෙනවා . මුළු ගීය ම දාන්න  ගියොත්නම් පෝස්ට් එක දිග වැඩි වෙයි .
මේ නැලවිලි ගීය ලියල තියෙන්නේ ජෝන් ටේලර් කියන කාන්තාව .  ඒ " ද ස්ටාර් " නමින් . මෙය පළමු වරට පළ වුනේ ජේන් සහ ඇයගේ සොයුරිය එක්ව රචනා කල " රයිම්ස් ෆෝ ද නර්සරි " කෘතියේ .

Friday, July 6, 2012

පාලුයි මගේ හිතට . . .


නවාතැන්පොල නුබයි
මාගේ සිහින සිතුවමේ . . .
එනමුදු ,
එය සිහිනයකි ! !
කිසිදා සැබෑ නොවන . .
ඇයි ?
අමතක ම‍ගේ හිතට . . .

     හිත හරිම මුරන්ඩුයි
     පිළිගන්න . . .  ,
     එය සිහිනයක් . . .
     නෑ . .
     සිහිනයක් . . .

සිහිවෙනවා . . . ,
නෙතු පිය සැලෙන
හැම මොහොතකම . . .
ඔයා දන්නවද ?
මං හිතන්නෑ . . .

     පාළුව මැකෙනවා . . .
     හිත හැදෙන ඔබේ ඔය ,
     මියුරු බස් තෙපලුමට . . .
     නෙත කදුළු තෙමනවා . . .
     පුංචිම වරදටත් ,
     ම‍ට දොස් නගන විට . . .

ඔයා දන්නවාද දන්නෑ ?
ඔයා නැතිව මේ ගෙවෙන
හැම මොහොතක්ම . . .
සැබවින්ම  ,
" පාලුයි මගේ හිතට . . . "

      ආයෙමත් . . .
      අමතක වෙලා වගෙයි 
      මගේ හිතට . . .
      ඔබ ,
      සිහිනයක්ම වග . . .


Thursday, June 21, 2012

සිතුවිලි . .

මේ මගේ පළමු ලිපිය . .හුගක් වෙලා කල්පනා කළා.මොනවද ලියන්නේ කියල. .එක එක දේවල් ලියන්න හිතෙනවා. .අනේ මන්දා. ඔයාලටත් වෙලාවකට විවිධ දේවල් කරන්න හිතෙනවද ? මේ මට වගේ. . එත් ඒ එක දෙයක් වත් කරන්න නොහිතෙන වෙලාවලුත් තියෙනවා නේද. . ඇයි එහෙම වෙන්නේ ?

  අපේ හිතට හොද , පුදුමාකාර අදහස් දැනෙනවා වෙලාවකට . . එක ඇත්ත.එත් ඒ අදහස් ක්‍රියාත්මක නොකර හිටියොත් ඒ දේවල් වල වටිනාකමක් නෑ නේද ? ඒ දේවල් කව්රුත් ගණන් ගන්නෙත් නෑ නේද ? හොද දේවල් කරන්න අදහස් විතරක් තිබිල මදි..ඒ දේවල් තව අය‍ට කිව්වා කියලත් පලක් නෑ. . අපි අපේ අදහස් ක්‍රියාත්මක කරන ආකාරය අනුව අනිත් අය අපි ගැන තීරණ ගන්නවා . . ඒ අපි කරන දේ අපේම සිතුවිලි වල ප්‍රථිපලය නිසා. . ඒ නිසා මොනවහරි දෙයක් කරනකොට හුගක් හිතන්න පුලුවන්නම් ඒ දේ සාර්ථකව කරන්න පුළුවන් වේවි. .අපි ගැන අනිත් අය‍ට හොද තීරණයක් ගන්න ඉඩ සලස්වන්න අපිට පුළුවන්. . කෙනෙක් ගේ හිතේ තවත් කෙනෙක් ගැන මුලින්ම ඇතිවන සිතිවිල්ල හුගක් බලවත් ලු. . ඒ සිතුවිල්ල යහපත් නම් හැමදාම අපි අනිත් අයගේ මතකයේ ඉදිවී. . එහෙම නේද.. ?

Wednesday, June 20, 2012

සන්තානය ගැන . . .

සන්තානය කියන්නේ හිතට . . මට හිතෙන , වැඩකට ඇතියි කියල හිතෙන හුගක් දේවල් සන්තානයේ ලියන්නයි මගේ අදහස . .

Blog එකක් ලියන්න ආසාවක් ඇතිවුනා . . ඒක නිසයි මේ ලියන්නේ . . ඒත් මේ ගැන කිසිම දෙයක් මම දන්නේ නෑ . . ඒ නිසා හුගක් වැරදි මා අතින් සිදු වෙයි. .ලබා ගන්න හැම අත්දැකීමක්ම වටිනවා . . ඒ නිසා කාලයත් සමග හැම දෙයක්ම හරියයි . . එතකොට අදට වඩා හෙට මේ Blog පිටු මගේ අතින් හුගාක් ලස්සන වේවි . .
මෙහෙම කියන මම කව්ද ? මම . . ? ම්ම්ම්ම්ම්ම් . . . පොත් කියවීම මගේ විනෝදාංශය . . මුහුණු පොතත් මං කැමති එක්තරා පොතක් . . 

මේ සන්තානයේ Facebook පිටුව . .  
https://www.facebook.com/santhaanaya.blog

Blog අවකාශයේ සන්තානයට පියමනින්නට අද සිට 'හිත හොද' ඔබ සැමට සුහද ඇරයුම් . . ඔබගේ අදහස්, යෝජනා, චෝදනා නිහතමානීව පිළිගන්න මම සුදානම් . . ඒ හැම දේටම ඔබට බොහොම ස්තුතියි . . ඔබටත් හැකි පමණින් මට උපකාර කරන්න . . ඒ හැම දෙනාටමත් ස්තුතියි . .
අවසරයි . . .