Friday, November 2, 2012

අපිට නිවාඩු . . .

මධ්‍යම කදුකරයටයි මුළු ලංකාවටමයි මේ දවස් වල හෝ. . . . ගාලා වහිනවා නේ . ඉතින් අපිටනම් ඉස්කෝලේ නිවාඩු දුන්නා . ගුරුවරු paper marking යන නිසා Art පන්ති දෙකට විතරක් දුන්න නිවාඩුව අපිටත් දවසකට හරි ලැබුන එකට සන්තෝසයි .

     මේ දවස් වල මං ව්‍යාපෘතියේ වැඩ .ඒ කිව්වේ මගේ කේවල ව්‍යාපෘතිය ගැන . කාල රාමුවේ හැටියට නම් ජනවාරි 3 වෙනි සතිය වෙනකම් වැඩ තියෙනවා . ඒත් ඊයේ ම වැඩ ඉවර කලා . දැන් හිතට නිදහස් .          

     වැස්ස ගැන මොකද හිතෙන්නේ ? මං ආසයි වහිනවට හැබැයි ඒ පායන කාලෙට විතරයි . ඒ කාලෙට හිතෙනවා වහිනවානම් හොදයි කියල . ඒත් මේ සැරේ නම් තාම හිතුනේ නෑ වහිනකොට පායනවානම් හොදයි කියල . හේතුව නම් දන්නේ නෑ .

     අරමුණක් නෑ ලියන එකේ . ඒත් දිගටම ලියන්න හිතෙනවා . හුගක් කම්මැලියි . කරන්න දේකුත් නෑ . අපේ අම්මට මං කම්මැලියි කිව්වොත් එයා කියන්නේ එහෙනම් පාඩම් කරන්න කියල . කම්මැලි වෙලාවට පාඩම් කරනවා කියන්නේ මටනම් එපාම කරපු දෙයක් . ඒ වගේ වෙලාවටනම් පාඩම් කරන්න මට හිතෙන්නේ නෑ . . .

    මං කම්මැලි වෙලාවට පොත් කියවනවා , සින්දු අහනවා , ෆේස් බුක් යනවා , ටි.වී බලනවා . ඒ ඇරුනම වෙන අදහසක් මට නෑනේ . ඔයාල මොකද කරන්නේ ?

    මං කියවපු ලස්සනම පොත " ගුරු ගීතය " . . .   එතකොට ආසම නිරෝෂා විරාජිනී මහත්මියගේ " සිනා තොටක් විය " සින්දුවට . . අලුතෙන් නම් ශෂිකා නිසංසලා මහත්මියගේ " හුස්මක් දුරින් " සින්දුවට . . ටි.වී එකේ මේ දවස් වල නම් ආසයි " සුජාත දියණි " බලන්න ජාතිකේ සතියේ දවස් 5 ම හවස 6.30 ට . මාර ලස්සනයි . ඔෂින් වගේම . . .

ප . ලි .  නිවාඩු දුන්නට අද වැස්ස නෑ  :D

 

11 comments:

  1. එල! කතාවක් දාලා!

    මං නම් වැස්සට ආසයි! මොකද ඔඳට ගුලි වෙලා නිදියන්න පුලුවන් නිසා! ඊයෙ රෑ නං නිදියගත්තා මාර නිදා ගැනිල්ලක්! හිකිස්!! සීතල.........අ අ අ අ අ අ යි!

    මේ පෝස්ට් එක අපේ ග්රූප් එකේ පබ්ලිෂ් කරන්න!! හරි!!
    (කුක් පබ්ලිස් නෙමෙයි!!)

    ReplyDelete
    Replies
    1. බලන්නකෝ අයියා අද වැස්ස නෑ නේ . . . : ( මටත් නින්ද ගියා ඊයේනම් මළා වාගේ . . . : P

      Delete
  2. මාධව අයියාගේ සහ කවින්ත අයියගේ කමෙන්ට්ස් දෙකක් ඩිලිට් වූ වගයි :( :( සමාවෙන්ට ! !

    ReplyDelete
  3. ලස්සනයි නංගියෝ...
    පොඩි අව්ලකුත් උනා නේද
    මම තරහ නෑ.
    මට කලින් දාපු කමෙන්ට් එක මතක නෑ නංගියෝ...
    මොනව උනත් සරල කතාවක් බොහෝම ලස්සනට කියල තියනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියේ. . . ආයේ කමෙන්ට් කරන්න උනා නේද මගේ වැඩ නිසා ^_^

      Delete
  4. Replies
    1. හ්ම්ම් . . . තැනක් යූ අයියේ . . . :) :)

      Delete
  5. Replies
    1. එකයි ඩිලීට් උනේ අනේ . . . :) :)

      Delete
  6. මොකද්ද අප්පේ ව්‍යාපෘතියට කොරේ??

    ReplyDelete
    Replies
    1. Presentation එකක් හැදුවා ගැලපුම් සටහන් ගැන . . . අයියගේ projects ගැන තිබුන post එක මම කියෙව්වා . . ඒකටයි කමෙන්ට් එකටයි තෑන්ක්ස් හොදේ . . . :) :)

      Delete