Tuesday, November 13, 2012

බස් කතාව ගැන හිතුන කතා . . . (බස් එකේදී - 2)

කලින් කතාව දිග වැඩි වෙයි කියල සිද්ධ වුන දේ විතරක් කිව්වට හිතට මදි කමක් වගේ දැනෙනවා . . මොකද හැම සතියෙම මේවා දකිද්දී ආයෙත් එක එක ඒවා හිතෙනවා . . ඒ නිසා හිතුන හැමදේමත් ලියන්ට හිතුවා . . .

ඉස්සෙල්ල කිව්ව කතාව ගැන කියන නිසා ඒක නොකියවා මේ කතාව කියෝන අයට ග්‍රීක් වගේ වුනොත් එහෙම ඔන්න මං නම් දන්නේ නැතෝ . .

   මුලින්ම කියන්න තියෙන්නේ චුයින්ගම්,පෙපරමින්ට් , කූල් වතුර විකුණන කෙනා ගැන . . මාධව අයිය කිව්වා වගේ ඒක සේවයක් තමා . . ඒ උනාට සමහර අය ඉන්නවා කෞතුකාගාරේ  ප්‍රදර්ශනය කරන්න වටින වතුර බෝතල් එහෙම විකුණන අය . . ඒ අයගෙන් පරිස්සම් වෙන්ට . .මොනවා වුනත් ගන්න දේ  එක්ස්පයරි ඩේට් එක එහෙම බලල ගන්නවානම් හොදා . . අන්තිමට මොනා හරි වුණාම කාටවත් බනින්නැතුව . .

   ඊළගට මං කියන්න හදන්නේ අතින් පාඩු විදගෙන පොත් විකුණපු කෙනා ගැන . . අනේ මංදා තමා ඉතිං . . හිතා ගන්න බෑ මටනං රුපියල් 100 ක වෙනසක් නේ එතන . . පොතේ ප්‍රින්ට් කරලත් තියෙන්නේ 250 යි කියල . . 150ට කොහොම දෙන්න හිත හදාගත්තද මංදා . . මේ ගැන හිතෙන දේවල් මටම ගලපගන්න බෑ . .

   අර කිව්ව බවලතී  ඒ ළමයත් වඩාගෙන මට මතක ඇති කාලේ ඉදං එනවා . . බාහිරින් නම් ඒ ළමයාගේ ඔලුවේ මොකක්හරි තියෙනවා කියල පෙන්නේ නෑ . . අනික පිළිගන්න අමාරුයි . . දොස්තරගේ සීල් එක විතරයි කොලේ තියෙන්නේ . හොදා හොදා බාහිරින් මිනිස්සු මනින්ට බෑ තමා . ඒත් මේ මට හිතුන දේ නේ . . ඇත්තටම මෙහෙම ගියොත් නම් ඒ දරුවා හැරමිටියෙන් යනකම්ම ඒ අසනීපෙ ඒ විදිහටම තියෙයි . . ඒ බවලතී  බොරුවක් කරලා ළමය ඉස්සරහට දාල සල්ලි හොයන් කනවනම් ඒ සෙතෙත් මේ ආත්මේ හරි ලබන ආත්මෙදි හරි පලදෙයි . .

   ඊලගට අර කවි කියන පුද්ගලයා  . . තමන්ගේ හැකියාවෙන් අනිත් අය සන්තෝස කරලා කියක් හරි හොයා ගත්තට කමක් නෑ . . ඒ හොයන කියෙන්හරි සුව වෙන්නැති " සිංදුව හරියට කියන්න බැරි වීමේ අසනීපෙට " බෙහෙත් ගත්තනම් හුගක් හොදයි කියල හිතුනා . .

  ඕවා තමා ඉන්න ගමන් මට හිතුනේ . .  කෙනෙක්ට හිතෙයි ඕවා කියෝ කියෝ ඉදල වැඩක් නෑ නංගි කියලා . . අනේ මංදා . . ඒත් ඉතිං හිතට එන දේ කොහොමහරි කියන්නත් එපැයි . . මං මෙහෙම පෝස්ට් එකක් දැම්ම කියල කතාවේ ඉන්න කට්ටිය මේ ආත්මෙට මේක කියවන්නේ නෑ තමා . . ඒත් ඉතිං මං මොනවා කරන්නද මේවට . . හිතට අපු අදහසක් විතරයි කියන්න උත්සහ කලේ . . කිව්ව සමහර දේවල් ගැන " හිගන්නාගේ පාත්තරේට හෙනහුරා පාත් වෙලා "  වගේ දෙයක් නොසිතන්න කියල කරුණාවෙන් ඉල්ලා සිටිනවා . .

  මේ කියන්නේ කතාවේ මුල් ටිකට අදාළ දෙයක් නෙවෙයි . . ඒත් බස් ගැන තමා . . බස් එකේ යන මගීන් හැටියට හැමෝම අනිත් අයට කරදරයක් නොවෙන විදිහට යන්න උත්සහ කලොත් හොදයි කියල හිතෙනවා . . තමන්ගේ අතේ තියෙන බෑග් එක කාටහරි දෙනකොට හිතන්න ටිකක් . . මේ මනුස්සයට අරන් යන්න පුලුවන්ද කියලා . . මොකද මැරිලා මැරිලා බස් එකට ඇවිත් සීට් එකක වාඩි වුනාම , කවුරුහරි  පත බෑග් එකක් දුන්නම තරු පේනවා . . ඒකට තමයි බස් එකක උඩ රැක් එකක් තියෙන්නේ. . අරන් යන්න ලේසි පොඩි බෑග් එකක්නම් කමක් නෑ . . සමහර අය ඉන්නවා ඒ වගේ ගමන් මලු 60ක් විතර එක පාර කා අතට හරි දෙනවා . . එකත් හරි වදයක් ඇත්තටම . . ඔක්කොම පුළුවන් විදිහට එකට හදාගත්තනම් කාට කාටත් ලේසියි පහසුයි . . මේ කිව්වේ ගිය සතියේ ක්ලාස් ඇරිලා මගේ ක්ලාස් බෑග් එකත් එක්ක මුළු බෑග් 6 ක් අරන් එන්ට වීමෙන් පත්වුණ කළකිරීමට . . .

  ප .ලි .  බස් කතා මෙතනින් නිමයි කියා හිතනවා . බලමු . . !



6 comments:

  1. මම නං කල් ඉකුත් වීම දෙතුන් පාරක් බලනවා! ඒ වගේම ඌ බස් එකෙන් බහින්න කලින්ම බෝතලේ කඩලා වතුර බෝතලේ ගඳක් එනවද බලනවා! පොඩ්ඩක් කටේ හලාගෙන බලනවා! වරදක් නැත්තං තමා සල්ලි දෙන්නෙ! පොර ඉතිං බලං ඉන්නවා!! හිකිස්!!

    පොතේ ගාන 250ක් ප්‍රින්ට් කරලා තිබ්බට නංගා ඇත්තටම ඕක ගහන්න යන්නේ රු 75ක් වගේ ගාණක් ගොඩක් වෙලාවට! ඕක 200%ක් ලාබ වැඩක්! හිකිස්!!


    එල එල! ලියන්න තව සමාජෙ දකින දේවල් ගැන! මොකද කවුරුත් දැනගන්න ඕනි දේවල් තමා මේ!

    ReplyDelete
    Replies
    1. ෂා . . . මරු වැඩේ . . පොත් විකුණුවනම් ඉගෙන ගන්නවට වඩා ලාබයි නේ ? ඒ වුනාට බාල වැඩේ . . : ) තෑන්ක්ස් හොදේ ෆස්ට් කමෙන්ට් එකට . . . දිගටම ලියන්නම්කෝ හිතන්න තරම් ටිකිරි මොළේ වැඩ කරනකම් : ) : )

      Delete
  2. දින දෙකක වෙහෙසකර ගමනක් අවසන් කර යලිත් ගම රට බලා පැමිනි මොහොතේ වෙහෙස මදකට හෝ අමතක වීම සඳහා මෙවන් අරුත් බර කථාවක් ලබාදීම පිළිඹඳ නංගියාට ස්තූතියි...

    මරු වැඩේ කියලා ඉගෙන ගන්න එක නවත්තලා පොත් විකුනන්න එහෙම හදන්න එපා...
    අපිට ලේසියි වගේ පේන හැම දෙයක්ම ලේසි නෑ හිතනතරම්...

    මොනව උනත් හැම දෙයක් ගැනම ටිකක් ගැඹුරින් හිතන්න උත්සහ කරන එක හොඳ පුරුද්දක්..
    ලස්සන අරුත්බර කථාවක්...
    කවී....

    ReplyDelete
    Replies
    1. නෑ අයියේ . . එක බාල වැඩක්නේ ඒ නිසා මං එක අතෑරල දැම්මා හි. . . හි . . . :D බොහෝම ස්තුතියි ! : )

      Delete
    2. පොත් විකිණෙනවනම් පාට් ටයිම් ඉගෙන ගන්න ගමන් පොත් විකුණන්න!! ඇත්තටම හොඳයිනේ!

      Delete
    3. “දින දෙකක වෙහෙසකර ගමනක් අවසන් කර යලිත් ගම රට බලා පැමිනි මොහොතේ ,“ ඇයි ඔබතුමා පැණි හඳ ගියාද?? හිකිස්! පව්!

      Delete