Tuesday, December 25, 2012

ගී ලොවෙන් . . .

කම්මැලිකමට මං නම් සිංදු අහන්න ආසයි . . අලුත් පරණ කියලා ඒ හැටි වෙනසක් නොකර. . මොනවා වුණත් අහන්න කැමති අහන් ඉන්න පුළුවන් සිංදු විතරයි.මොකද මාත් මනුස්සයෙක්නේ . මගේ කර්ණපටහ පටලයට විහින් හානි පමුණුවන්ට මං නම් ආස නෑ පොඩ්ඩක්වත්. .

" තාලයකට ගායනා කරන පද වැලක් සිංදුවක් හෙවත් ගීතයක් නම්වේ " මෙහෙම කියල තියෙන්නේ " විකිපීඩියා - නිදහස් විශ්වකෝෂයේ " . . හ්ම්ම්ම්. . තාලයට ගායනා කරන නේද? එහෙනම් හිතන්න වෙනවා අපි අහන ඔක්කොම, සිංදු වෙන්ට බෑ . .

 මං කියන්න හදන්නේ මං අහන්න ආස සිංදු ගැන . සමහර විට ඔයාලා මේවට කැමති හෝ අකමැති වෙන්ට පුළුවන් . . මං වැඩියෙන්ම අහන්නේ සිංහල සිංදු . . ඒ නිසා වැඩිපුර ලියන්නේ ඒ ගැන . කමක් නෑ නේද ?


මං ආසම ගායක - ගායිකාවන්ගේ ලැයිස්තුව තමා මේ . .
ගායක  - 1.  කසුන් කල්හාර   2. අමල් පෙරේරා    3. රොමේෂ් සුගතපාල
ගායිකා  - 1. ශෂිකා නිසංසලා    2. නිරෝෂා විරාජිනී    3. උරේෂා රවිහාරි

ආසම සිංදුනම් ගොඩක් තියෙනවා ඉතිං . . එක පාරට හිතා ගන්නත් අමාරුයි . .  :)

' දුර යන්න හිතුවාට '  ඒ එකක් . . ගයන්නේ ශෂිකා නිසංසලා . අහල ඇති හැමෝම . . ඒ ගැන මොකුත් කියන්න හිතෙන්නේ නෑ .  සිංදුව අහල බලන්න ආයෙත් . . ආයේ කැමතියි ' මුතු පිණි සැලෙනා ' ජූඩ් රෝගන්ස්  ගේ . . පොස්ට් එක කියවන ගමන් සිංදුව අහල බලනවානම් හොදයි . . ( සිංදුවේ නම click කරන්න ) එතකොට හිතල බලන්න පුළුවන් ඇත්තටම මං හරිද කියලා . එක එක්කෙනාගේ රස වෙනස් . ඒ නිසා ඕනිම අදහසක් ඉදිරිපත් වෙන්න පුළුවන් . . නිරෝෂා විරාජිනිගේ ' මාරුතේ ' සිංදුවත් හොදයි . ඒකටත් මං කැමතියි . ඒ වගේම ' සිනා තොටක් විය ' සිංදුව . . එතකොට ආත්මා ලියනගේ ගේ ' පෙනෙන නොපෙනෙන දුරක ඉදන් ' . . .  හ්ම්ම් . . තව තියෙනවා. . ළහිරු පෙරේරා ගේ  ' ලබැදියේ ' තවමත් ආස කරන සිංදුවක් . .

' කසුන් කල්හාර 'ගේ හැම සින්දුවකටම මං කැමැතියි . . කාගෙවත් වොයිස් එකකට සමාන කරන්න බැරි විරල කටහඩක් . . හ්ම්ම් . .

මේ ගැන නම් කියල ඉවර කරන්න බැරි තරම් . .

තව තියෙනවා . . ' එපා හිරු පායන්න ' වික්ටර් රත්නායකයන්ගේ . . අමරසිරි පීරිස්ගේ 'හන්තානට පායන සඳ ' තවත් සිංදුවක් . ' ඝණ අන්ධකාරයෙන් මිදී ' සහ ' මේ නිහඩ බව බිදින්න ' කියන්නෙත් විදින්න පුළුවන් ගීත . . සබැදි (links) හොයා ගන්න නම් ටිකක් අමාරු වුණා . . ' ආපසු යන්නට පාර කියනවද ' තවත් මං කැමති සිංදුවක් . .

ඉවරයක් නෑ වගේ . . එකක් ලියද්දි තව එකක් මතක් වෙනවා . . තව ටිකක් කියන්න තියෙනවා . ඒත් දැනට මේ සිංදු ටික අහලා , පෝස්ට් එක කියවලා , කරදරයක් නැත්නම් කමෙන්ට් එකකුත් දාන්න . . දැනට කිව්වේ සිංහල සිංදු ගැන විතරයි . . ඒ කිව්වේ . . , 2 පෝස්ට් එකකුත් ලියන්න වෙනවා . .  :)  නේද ?

මගේ අරමුණ ඉටු වෙන්නේ සන්තානය කියවන ඔයාටත් කම්මැලි හිතුනොත් මේ සින්දු ටික අහන්න ඉඩ සලස්වන එක . . ඉතිං ඒකටත් කම්මැලි වෙන්න එපා හොදේ . .  :)

සබැඳි ලබා ගත්තේ කවුරුත් දන්න  ' අනංමනං ' හා ' අනංගයාගෙන් ' . . . 

4 comments:

  1. මෙවරත් ලොකු වෙනසක් කරලා... අලුත්ම දැක්මක්..
    මමත් අසයි සින්දු අහන්න.. කව්ද ඉතින් අකමැති
    අකමැති ඉතින් කේන්තිකාරයෝ තමයි... ඒ නාට ඉතින් මමත් කේන්තිකාරයෙක් තමයි..
    මොනවා උනත් හොඳයි....
    නියමයි...

    ReplyDelete
  2. කසුන් නම් උපරිමයි! ඒ වගේම අමරසිරි පීරිස් මහත්මයගෙත් ගැඹුරු කටහඩට මං ආසයි! විශේෂයෙන් ඒ මහත්මයගෙ මගේ පුංචි රෝස මලේ, වීණාවී වගේ සිංදු නියමෙටම වදිනවා!!

    ශෂිකා නිසංසලත් හොඳයි! අමල් නම් කසුන්ගෙම අනික් එකනේ! රොමේෂ් නං එපා උනා අර විෂුවල් එකෙං පස්සේ! හිකිස්!!

    ReplyDelete
  3. ආ අමරසිරි පීරිස් මහත්මයගෙ හන්තානට පායන සඳ සිංදුවත් මාර ගති! නංගිත් ඒ ගැන ලියලා තියනවා දැක්කම තමා මටත් ඒක මතක් උනේ!

    ඇයි තව අලුත් ගායිකාව මේඛලා ගමගේ අක්කගෙ සින්දුත් මාර ලස්සනයි! ඒ ඇරෙන්න ඉන්ද්‍රචාප ලියනගේ අයියගෙ සිංදු වලටත් මං ටිකක් ආසයි!!

    ReplyDelete
  4. මෙහෙම ගියාම නං බලද්දි හැම සිංදුවම හොඳයි! හැබැයි අජිත් මුතුකුමාරණ නං එපෝ..............................................

    ReplyDelete