Monday, December 31, 2012

මං ජීවත් වෙන අන්තිම දවස . . .

අද අන්තිම දවස . . ඒ මං ජීවත් වෙන අන්තිම දවස . . නෑ නෑ මං කියන්න හැදුවෙ 2012 මං ජිවත් වෙන අන්තිම දවස කියල . . හෙට 2013 . . අද 2012 . .

 අලුත් අවුරුද්දක් . . හුගක් දේවල් කරන්න කාගේ කාගේත් හිතේ ඇති. . දැනටමත් සැලසුම් කරලත් ඇති . . ගෙවුණ අවුරුද්දේ කරගන්න බැරි වුන දේවල් මතක් කරලා තව අය දුක් වෙනවා ඇති . . මේ අවුරුද්දේ සිද්ද වුන දේවල් , කරපු කියපු දේවල් ගැන හිතල දුක් වෙනවා ඇති . . සතුටු වෙනවා ඇති . .

මේ ඔක්කොමත් එක්ක හෙට අලුත් බලාපොරොත්තුවක් ඇති වේවි . . යහපත් සිතුවිල්ලක් . . අරමුණක් . . ඉලක්කයක් . . එකක් නෙවෙයි . . සමහර විට . . . හුගක් . .

මොනවා වුණත් ඒ සිතුවිල්ල හිතට එකගව හිතන්න . . කාගෙවත් කීමකට බලෙන් යමක් කරන්න උත්සාහ කරන්න එපා . . තමන්ට අවංක වෙන්න . . තමන්ට ආදරය කරන්න . . බය වෙන්න එපා . සැලෙන්න එපා. කිසිම දේකට . . කවුරු නැතත් ඔයාට ඔයා ඉන්නවනේ . . තමන්ගේ බලාපොරොත්තුව ඉටු වෙනකං අත් අරින්න එපා . . අනිවාර්යෙන්ම , කරන්න පුලුවන් . . ඒ සිතුවිල්ලයි බලවත් . .  ඒ සිතුවිල්ල හුගාක් බලවත්.

දුකයි නම් අඩන්න . . කෑ ගහලා බැරිනම් රහසින් . . හිනාවෙන්න කැමති විදිහකට . . ඒත් අඩන්න හිතුනොත් අනිවා අඩන්න . .

 මගේ බලාපොරොත්තුව මං ඉටු කරගන්නවාමයි . . 2013 අවසානයේ මං කියන්නම් . . මේ වගේම පෝස්ට් එකකින් . .

මෙහෙම කියන්න හිතුණා . . අනේ මංදා . . ලබන්නාවූ නව වසරේ සංයුතියේ දුක අඩු හා සතුට වැඩි වශයෙන් අන්තර්ගත වේවා ! යි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා . .


2 comments:

  1. නියමයි...
    ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා නංගියෝ..

    ReplyDelete
  2. ඔයාටත් සූබ නව වසරක් වේවා නංගියා! මේ අවුරුද්දේ හොඳට ඉස්කෝලෙ වැඩ කරන්න! ටිකක් නරක වැඩත් කරන්න! ඉස්කෝලෙන් හොරෙන් පනිනවා වගේ ඒවා! හිකිස්! හොඳ වැඩත් කරන්න! සතුටින් ඉන්න!

    බ්ලොග් එකටත් විවේක වෙලාවට කතාන්දර දාන්න!

    ReplyDelete