Tuesday, December 18, 2012

" 2012 - 12 - 21 " අම්මෝ ! තව දවස් දෙකයි . . .

ඉතිං . . කොහොමද ? හ්ම්ම් . . . මට හිතෙනවා ලෝක විනාසේ ගැන කියන්න . ඒ කිව්වේ 2012 - 12 - 21 ගැන . අම්මෝ ! තව දවස් දෙකයි මම ජීවත් වෙන්නෙ  :D  හ්ම්ම් . . හොදයි නේ. අනේ මංද මං නම් ඕවා ෂුවර් කරන්නේ නෑ . එදාට බලමුකෝ මොකෝ වෙන්නේ කියල .

මෙහෙමයි දෙයක් වෙන්න තියේනම් ඒක කාටවත් වලක්වන්න බෑ නේ . මං නම් මැරෙන්න බය නෑ . ඒත් විඳවලා මැරෙන්න නම් බයයි. කොහොමත් ඉපදුනොත් මැරෙනවා . ඒක ලෝක විනාසේ නොවුන කියල නොවී තියෙන්නේ නැහැ නේ.

මේ දවස් වල පත්තර එහෙම ජයටම විකිනෙනවා ඇති.මොකද වැඩි හරියක් තියෙන්නේ ලෝක විනාසේ ගැන . එකක කියනවා ලෝක විනාසේ වෙන්නේ නැහැ  කියල . හැබැයි හෙඩ්ලයින් එක බැලුවම සමහර අය දෙලෝ රත් වෙනවා . ඒකෙ තියෙන්නේ මේ දැන් ලෝක විනාසේ අත ලග වගේ. ඒක එයාලගේ විකුණුම් වැඩි කරගන්න කරන උපක්‍රමයක් වෙන්න පුළුවන් . මොකද එයාලා හැමදාම පත්තරේට ලියන අයනේ. හැබැයි මිනිස්සු නොමග යනවාදෝ කියලත් මටනං හිතුණා .

හරි කොහොමහරි එකක එහෙම කියද්දී තව එකක තියෙනවා නේකවිද එළි එක එක  ප්‍රදේශ වලට පෙනුනයි කියල . එදානම් මාත් ටිකක් වෙලා අහස දිහා බලන් හිටියා . ඒත් තැනින් තැන තිබුණ තරුවක් ඇරෙන්න වෙන මොකුත් පෙනුනේ නැහැ මෙහෙටනම්.

ආයේ තිබුණා ගහක් උඩට මොකක්ද වැටිලා ඒ ගහ ගිනි අරන් කියල . ෆොටෝ එහෙමත් දාල තිබ්බා

තව තිබුණ 18 - 20 කියන්නේ බොහොම කරදර කාලයක් පරිස්සං වෙන්ට කියල . අනේ ඉතින් ඒක දැකපු අපේ අම්ම මට ක්ලාස් යන්ටත් එපා කිව්වා . ඒ ගැනනම් මං හිතල බැලුවේ නෑ .

මේ දේවල් එකිනෙකට සම්බන්දයිද කියන්න මං දන්නේ නෑ . ඒත් මේ දවස් ටිකේ මේ වගේ කතා අහන්න පුළුවන් .

පිං කරපු අය විතරයි මේකෙන් ඉතුරු වෙන්නේ කියන කතාව ගැනත් මං දන්නේ නැහැ. එත් ඒක නම් හොද කතාවක්. මොකද හොද දෙයකට පෙළඹවීමක් නිසා.

හ්ම්ම් . . කතාව කොහොමද මංදා . . හිතුන දේ ඔහේ කියල දැම්මා . ටිකක් කේන්තියෙන් ඉන්න ගමන් ලිව්වේ . ඒත් කියන්නම ඕනි කියල හිතුණා . .

'' 21 '' මම සුදානම් . . .  :D  :D  challenge  you   :P  

ප . ලි .  ගිනි නිවන හමුදාව හරි ඇවිත් කේන්තිය නිමුවම රසට කතාවක් ලියන්න ට්‍රයි කරන්නං . . .

3 comments:

  1. මරණය කියන්නේ අවිනිශ්චිත අනිවාර්‍ය දෙයක්.. ඒ කිව්වේ කොයි වෙලාවේ එයිද කියන්න බැරි එත් අනිවාර්යෙන්ම අපිව හොයාගෙන එන දෙයක්.. අපි කවුරු උනත් කවද හරි ඕකට මූන දෙන්න ඕනේ නංගියෝ.... මම මේක ලියන්නේ 2012.12.21 පාන්දර... අනේ අපි තාමත් ජීවත් වෙනවා.. ලෝකෙත් තාම එහෙමමයි...
    හොඳ මාතෘකාවක් නංගියෝ..
    නියම කතාවක්...
    ඒත් ෆේස් බුකියේ සන්තානය දකින්න නැති එක ගැන නම් අපි සන්තාපයෙන් ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ . . මං නම් ක්ලාස් ගියා . . මොනවා වුණත් 21 එනකං තමයි මාත් බලන් හිටියේ . . හි හි . . දැන් ඉතිං ඒකත් ඉවරයි . . .
      ආයේ එන්නම්කෝ . . බ්ලොග් රාජයගෙන් ඉස්සරහට දකින්න පුළුවන්නේ . . . :)
      ස්තූතියි අයියේ කමෙන්ටුවට . . . නියම දවසෙම කමෙන්ටුව දාල :) :) :) (y)

      Delete
  2. මං නං තාම ඉන්නවා! මැරුනත් මැරුනාවේ! නැත්තං ඉන්නවා! මේක මේ සාත්තර කියන කේනදර බලන උංගෙ මාකට් වැඩක්නෙ නංගෝ! බ්ලොග් එකට කාලෙකින් ආවේ! උයා ලියන පෝස්ට් බුකියේ දාන්න වෙලාවක! මොකද එතකොට තමයි අපිට දැනගන්න ලේසි උයා ලිව්ව ඕං කතාවක් කියලා!! මං නං ලෝක විනාශේ දවසේ පස්සට එලිය වැටෙනකල් නිදියගත්තා!!

    ReplyDelete